August 15, 2026

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැනවූ බද්ද අඩු ප්‍රතිශතයක් වීම සතුටට කරුණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එහෙත් රජය සිහිතබා ගත යුත්තේ, ඇමෙරිකාව විසින් අපගේ තරගකාරී රාජ්‍යයන්ට පනවා ඇත්තේද අපට සමාන බදු ප්‍රතිශතයක්ම වන බව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

”මේ රටේ නිෂ්පාදන යුරෝපා හවුලට, අමෙරිකාවට සහ අනෙක් රටවලට විකිණීමේ අවශ්‍යතාව පවතින බැවින් මේකෙ මාකට් ඇක්සස් වෙළඳ ගිවිසුම් තුළින්, බහු පාර්ශවික ගිවිසුම් තුළින් අමෙරිකාවත් එක්ක කටයුතු කරලා අමෙරිකාවත් එක්ක තියෙන මාකට් ඇක්සස් එක, දැන් මේ අවස්ථාවේදී අපට පෙනුනා බද්දක් ඉදිරිපත් කළා බලහත්කාර්‍යෙන් තරුණයින්ගේ සේවා පාවිච්චි කිරීම. ඒ නිසා අමෙරිකාව වෙනම බද්දක් දාන්න හැදුවා. ඒක කොටස් හතරකට බෙදන්න පුලුවන්. එකක් 44% කට, සියයට 20 කට, සියයට දොළහ මාරකට සහ සියයට 10 කට කියලා. අපි අගය කරනවා ලංකාවට වාසියක් ඇතිවෙලා තියෙනවා. ඒක සියයට 10 ක්. හැබැයි ඒකෙ අනිත් පැත්තෙන් අපිත් එක්ක තරග කරන බංග්ලාදේශය, කාම්බෝජය, වියට්නාමය ඔක්කොමත් සියයට 10 ක මට්ටමේ තමයි තිබෙන්නේ. ඉතිං ඒක නිසා ලංකාව විශේෂ වරප්‍රසාදයක් නැහැ.”