August 24, 2026

ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කරළිය උණුසුම් කරමින් ඇමෙරිකාව සහ චීනය ඇතුළු රටවල් 12ක නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ලබන සතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදීමට නියමිතය.

මෙසේ පැමිණෙන පිරිස අතරට චීනයේ නව තානාපති වී හුවාක්සියැන්ග් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපති එරික් මේයර් ඇතුළත් වීම විශේෂත්වයකි.

ලෝකයේ සුපිරි බලවතුන් දෙදෙනාගේ නියෝජිතයන් එකවර මෙලෙස අක්තපත්‍ර භාරදීමට නියමිතව තිබීම රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.