
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික සීමානීර්ණය කොමිෂන් සභාවට මුස්ලිම් ප්‍රජාව නියෝජනය වන පරිදි සාමාජිකයකු පත්කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.
පසුගිය මාසයේදී ජනාධිපති දිසානායක විසින් හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක(සභාපති), ආචාර්ය කේ. තවලිංගම් සහ රෝහණ පුෂ්පකුමාර යන සාමාජිකයන් සීමානීර්ණය කොමිෂන් සභාව සඳහා පත්කරන ලදී.
“කෙසේවෙතත්, අතීතයේ දී ආචාර්ය එම්. එච්. හස්බුල්ලා, ඒ. එම්. නාහියා සහ එම්. අයි. එම්. අමීර් යන අය සාමාජිකයන් ලෙස පත්ව සේවය කළද, මෙවර මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීමට සාමාජිකයෙකු පත්කර නොමැති බව අපට පෙනීයයි” යනුවෙන් එම කවුන්සිලය මෙසේ ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.
“මෙම අතපසුවීම නොසැලකිලිමත්කමකින් සිදුවූවක් බව අපි විශ්වාස කරමු” යනුවෙන් එහි දැක්වේ. “එබැවින්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව (95 වැනි වගන්තිය) සීමානීර්ණය කොමිෂන් සභාව සඳහා පුද්ගලයන් පස්දෙනකු පත්කිරීමට ප්‍රතිපාදන ඇති බැවින්, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සාමාජිකයකු මුල් අවදියේ සිටම එහි කටයුතුවලට සහභාගී කරවා ගැනීමට හැකි වන පරිදි ඉක්මනින් පත්කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.”
ජනගහනය සමතුලිත කිරීම සහ සාධාරණ ඡන්ද බලයක් තහවුරු කිරීම සඳහා මැතිවරණ කොට්ඨාස සහ නියමිත භූගෝලීය ඒකකවල සීමා නැවත සකස්කිරීම සහ වෙනස් කිරීම; ජනගහන හා භූගෝලීය වෙනස්කම් මත පදනම්ව සෑම පුරවැසියෙකුටම සහ ඡන්දයකටම සමාන හා සඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් ලබා දීම; විවිධ රාජ්‍ය සහ පරිපාලන ආයතන පුරා සීමා නීර්ණ කටයුතු සඳහා තාක්ෂණික මාර්ගෝපදේශනය සහ නායකත්වය සැපයීම; මෙන්ම ජාතික නීතිවලට අනුකූලව ස්වාධීනව සහ එතිකානුකූලව සීමා සංශෝධන සිදුකිරීම ජාතික සීමානීර්ණය කොමිෂන් සභාවේ වගකීම වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart