
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයට අනුකූලව ශ්‍රී ලංකාවේ බදු පරිපාලන පද්ධතිය දැවැන්ත ඩිජිටල් ප්‍රතිසංස්කරණයකට ලක්කරමින් පවතී.
සාම්ප්‍රදායික බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමට එහා යමින්, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ආයතන සෘජුවම හඳුනාගෙන බදු දැලට හසුකර ගැනීම මෙමගින් සිදුවේ.
2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,402න් 61%ක් මේ වන විටත් සාර්ථකව උපයාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
පසුගිය වසරේ අදාළ කාලඡේදයට සාපේක්ෂව බදු ආදායම එකතු කර ගැනීම 16%ක සැළකිව යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.
2026 ජාතික අයවැය යටතේ රජයේ සමස්ත ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 5.41ක් වන අතර, ඊට රුපියල් ට්‍රිලියන 4.85ක බදු ආදායමක් ඇතුළත් වේ.
අතින් සකස් කරන Excel/CSV ලේඛන වෙනුවට VAT ලියාපදිංචි ව්‍යාපාරවල ගනුදෙනු දත්ත ERP පද්ධති හරහා සෘජුවම රාජ්‍ය බදු පද්ධතියට සසඳන ක්‍රමවේදයක් සක්‍රීය කර ඇත.
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) සංශෝධනය කිරීම නිසා බදු නිලධාරීන්ට හිතුමනාපයට තීරණ ගැනීමේ හැකියාව සීමා වී ඇති අතර, දූෂණයට ඇති ඉඩකඩ අඩුවී ඇත.
ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර එක් ඩිජිටල් දත්ත හුවමාරු පද්ධතියක් ස්ථාපිත කර ඇත.
ආනයන දත්ත සහ ආදායම් ලේඛන සංසන්දනය කිරීමෙන් ව්‍යාජ ආනයන බිල්පත් මගින් සිදුකරන බදු වංචා සෘජුවම අසුවනු ඇත.
2026 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ඩිජිටල් සේවා සපයන විදේශීය සමාගම් ද අනිවාර්යයෙන්ම මෙරට VAT බදු පද්ධතියට ලියාපදිංචි විය යුතු බවට නීති පනවා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart