
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මෑතකදී පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිටින රැඳවියන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගෙන තිබේ.
එහිදී රැඳවියන් ගණනාවක්ම චෝදනා කර ඇත්තේ තමන් නොකළ වැරදිවලට, එනම් පොලිසිය විසින් බොරුවට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා ගොතමින් තමන්ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ බවයි.
මෙම අත්දැකීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා, දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 660 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගනිමින් විශේෂ වීඩියෝ සාකච්ඡාවක් පවත්වා ඇත.
මිනිසුන් කොටු කිරීම සඳහා මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගැනීමේ ජාවාරම්වලින් වහාම වළකින ලෙසත්, යම් නිලධාරියකුට එරෙහිව එවැනි චෝදනාවක් ඔප්පු වුවහොත්, අදාළ පුද්ගලයාට දැමීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ප්‍රමාණයම ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ එම පොලිස් නිලධාරියාට එරෙහිව නඩු පවරන බවටත් ඇමැතිවරයා දැඩි ලෙස අවවාද කළේය.
බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසු, ප්‍රදේශයේ සිදුවන සුළු සොරකමක් හෝ ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකින් තොරව තමන්ව නැවත අත්අඩංගුවට ගන්නා බවට රැඳවියන් කළ පැමිණිල්ල පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
බන්ධනාගාරයෙන් නිදහස් වී එන පිරිස් පිළිබඳ විපරමෙන් සිටින ලෙසත්, අහේතුක ලෙස ඔවුන්ට හිරිහැර නොකර නැවත සාමාන්‍ය සමාජයට අනුකලනය වීමට ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන ලෙසත් අමාත්‍යවරයා ස්ථානාධිපතිවරුන් උපදෙස් දුන්නේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart