
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ ආනයනය කරන බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන්ට යැවීමේ දැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ සියලුම ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් පිළිබඳ විමර්ශනය කර ප්‍රකාශ ලබාගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) නියෝග කළේය.
මෙම ජාවාරමට අදාළව දැනට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ් ඇතුළු බැංකු නිලධාරීන් හතරදෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අධිකරණය, ඔවුන් සැප්තැම්බර් 03 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
උමේෂ් ඉන්දික, ශිරාන් මාරියෝ ප්‍රනාන්දු, ධර්මලිංගම් ප්‍රශාන්ත් සහ අමිල උදාර ලියනමාන්න යන අත්අඩංගුවට පත් බැංකු නිලධාරීන් හතරදෙනා සහ ප්‍රධාන සැකකරු මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහාධිකරණය හමුවේ ද අධිචෝදනා ලබා ඇත.
ප්‍රධාන සැකකරු සිය නමින් ලියාපදිංචි කර තිබූ සමාගම් 36ක් යොදාගනිමින්, කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ව්‍යාජ ලේඛන සකස් කර අවස්ථා 199කදී විදේශීය ගිණුම් වෙත මෙම ඩොලර් මුදල් යවා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඕස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම අක්‍රමිකතාව හේතුවෙන් අදාළ බැංකුවල මෙන්ම සමස්ත රටේම විදේශ සංචිතවලට දැඩි බලපෑමක් එල්ල වූ අතර, මහජනතාවට නීත්‍යනුකූලව විදේශ මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලියට ද බාධා මතුවූ බව රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ප්‍රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා සිටින්නෙකි.
අත්අඩංගුවට ගෙන ඇති බැංකු නිලධාරීන් කනිෂ්ඨ මට්ටමේ අය බවත්, භාණ්ඩ ආනයනය කර ඇත්දැයි සොයා බැලීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීමක් බවත් පවසමින් විත්තිකාර නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියද, රටේ ආර්ථිකයට සම්බන්ධ සංවේදී විමර්ශනයක් බැවින් මහේස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
කලින් ආනයනික ලිපිගොනු යටතේ භාණ්ඩ මෙරටට ගෙන නොමැතිව නව ලිපිගොනු විවෘත කිරීමට සහාය වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය FCIDයට වැඩිදුරටත් නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart