
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම 11.5%ක පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකු වාර්තාවලට අනුව, පසුගිය වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක සංචාරක ආදායම මෙම වසරේ අදාළ කාලසීමාව තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,796.7 දක්වා අඩුවී ඇත.
එසේම පසුගිය වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් ලෙස සටහන් වූ සංචාරක ආදායම මෙවසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 285.5 දක්වා පහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, මෙම කාලසීමාව තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන ලද විදේශ ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේ පළමු මාස හත තුළ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ක මුදල මෙවසරේ අදාළ කාලසීමාව තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8,382.4 දක්වා දැවැන්ත ලෙස වර්ධනය වී තිබේ.
තවද, පසුගිය වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් ලෙස වාර්තා වූ විදේශ ප්‍රේෂණ මෙම වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 777.6 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart