
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද සමයේදී නිසි නීත්‍යනුකූල ලේඛන නොමැතිව ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත ස්වේච්ඡාවෙන්ම මව්බිමට පැමිණීම සඳහා ආගමන විගමන පටිපාටිය ලිහිල් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ.
දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධය සහ 1983 ජාතිවාදී කෝලාහල හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පලාගියහ.
2002 සිට 2022 දක්වා කාලය තුළ සරණාගතයන් 18,000ක් පමණ ශ්‍රී ලංකාවට ආපසු පැමිණ ඇති නමුත්, තවත් 90,000ක පමණ පිරිසක් තවමත් තමිල්නාඩුවේ අනාථ කඳවුරුවල සහ ඉන් පිටත ජීවත් වෙති.
නිසි ලේඛන නොමැතිකම, ජීවනෝපාය මාර්ග සහ නීතිමය තත්ත්වයන් හේතුවෙන් මොවුන්ට නැවත පැමිණීම කාලයක් තිස්සේ ගැටලුවක් වී තිබුණි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) හරහා මෙම පිරිස නැවත පදිංචි කිරීමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවයි.
මෙම අමාත්‍ය මණ්ඩල තීරණය වසර ගණනාවක් අවතැන්ව සිටි ජනතාවට සුරක්ෂිතව සහ ගෞරවාන්විතව නැවත මව්බිමට පැමිණීමට ලැබුණු ලොකු පිටිවහලක් බව ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart