August 22, 2026

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇනහිට තිබූ පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ දත්ත පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව, සාමාන්‍ය පරිදි නැවතත් ඔන්ලයින් පද්ධතිය ඔස්සේ පොලිස් සහතික පත්‍ර සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව පවතී.

පද්ධතියේ දෝෂ පැවති කාලසීමාව තුළ clear.application@police.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ තාවකාලිකව ඉල්ලුම්පත්‍ර භාර ගැනීමට පියවර ගෙන තිබිණි.

අදාළ තාවකාලික ඊමේල් ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම්පත්‍ර යොමු කළ සියලුම දෙනා, දැනට යථා තත්ත්වයට පත්කර ඇති සාමාන්‍ය ඔන්ලයින් පද්ධතිය ඔස්සේ නැවත ඉල්ලුම්පත්‍ර යොමුකර අදාළ ගෙවීම් සිදුකරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.