
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට මෙතරම් දැඩි විරෝධයක් එල්ල වන්නේ මන්දැයි වත්මන් රජයට යම් දිනෙක වැටහෙනු ඇති බවත්, කිසිවෙකුත් ‘අධිකරණය සමග සෙල්ලම් නොකළ යුතු’ බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි.
කොළඹදී පැවැති ‘Save Our Sovereignty’ (SOS) ස්වාධීන සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
තම අදහස තහවුරු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අතීතයේ සිදුවූ සැබෑ සිදුවීමක් මතක් කර සිටියේය.
“ජේ. ආර්. ජයවර්ධනගේ පාලන සමයේදී අභාවප්‍රාප්ත අගමැතිනිය වූ සිරීමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව පරීක්ෂණ පවත්වන අවස්ථාවේදී, තමන් පත්කළ විනිසුරුවරුන්ම තමන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන බව ඇය ප්රමුඛ පෙළේ නීතිඥවරයකුට පවසා තිබුණා. එහිදී අදාළ නීතිඥවරයා ලබාදුන් පිළිතුර වූයේ ‘මැඩම්, අන්න ඒ නිසයි කවුරුවත් අධිකරණය එක්ක සෙල්ලම් කරන්න හොඳ නැත්තේ’ යන්නයි.” යනුවෙන් ඔහු පවසා තිබේ.
නීති ක්ෂේත්රයේ නිරත පිරිසගෙන් බහුතරයක් 22 වැනි සංශෝධනයට එරෙහි බව සාලිය පීරිස් ප්‍රකාශ කළේය.
ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් මෙම සංශෝධනය සාදරයෙන් පිළිගන්නා ඇතැම් නීතිඥයන් පවා පෞද්ගලිකව ඊට විරුද්ධ බව තමන් සමඟ පැවසූ බව ඔහු හෙළි කළේය.
ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා නිහඬව මෙම 22 වැනි සංශෝධනයට විරුද්ධව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart