
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, බදු නොගෙවා ආනයනය කළ හෝ අඩු වටිනාකම් සහිත ඉන්වොයිස් භාවිතයෙන් ගෙන එන ලද භාණ්ඩ භාර ගැනීමෙන් වළකින ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියි.
එවැනි නිෂ්පාදන සොයා ගැනීම සඳහා බලධාරීන් ‘බැක්වර්ඩ් ඔඩිට්’ හෙවත් ආපසු මුල සොයා යන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කරයි.
බැක්වර්ඩ් ඔඩිට් (Backward Audit) යනු සිල්ලර වෙළෙන්දන්, සැපයුම්කරුවන් සහ ආනයනකරුවන් ඔස්සේ භාණ්ඩ ආපස්සට පරීක්ෂා කරමින්, අදාළ රේගු බදු ගෙවා ඇත්දැයි සහ භාණ්ඩවල වටිනාකම් අඩු කර පෙන්වා ඇත්දැයි සොයා බැලීමේ විශේෂ ක්රමවේදයකි.
නැවත අලෙවි කිරීම සඳහා මිලදී ගන්නා සෑම නිෂ්පාදනයක් සඳහාම නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ විස්තර පැහැදිලිව සඳහන් ඉන්වොයිසියක් වෙළෙඳුන් විසින් ලබාගත යුතුය.
On Approval නමින් නීත්‍යනුකූලව පිළිගත් ලේඛනයක් නොමැති අතර එවැනි ලේඛන භාවිතය නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණිලි කළ හැකිය.
පසුගිය අගෝස්තු 18 සහ 19 දෙදින තුළ දිවයින පුරා ආනයනික රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ පාවහන් ඉලක්ක කරගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සිදුකළ වැටලීම් 108කදී රුපියල් මිලියන 1.5කට ආසන්න භාණ්ඩ තොගයක් අධිකාරිය භාරයට ගෙන ඇත.
එහිදී පරීක්ෂාවට ලක්කළ ආයතන 84කට භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කිරීමට නිසි රිසිට්පත් හෝ ඉන්වොයිස් ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart