August 22, 2026

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ, ආචාර්ය විශාරද නන්දා මාලනියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අවසන් ගෞරවය පුද කර සිටියේය.

ජනාධිපතිවරයා ඊයේ (21) පස්වරුවේ නාවල පිහිටි ඇගේ නිවස වෙත ගොස් මෙසේ අවසන් ගෞරව දක්වන ලදී.

හෙළ ගී අඹරේ යශෝරාවය වූ ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, ප්‍රභූන් ඇතුළු විශාල ජනගඟක් මේ වන විටත් නාවල පිහිටි ඇගේ නිවස වෙත පැමිණෙමින් සිටිති.

ආචාර්ය විශාරද නන්දා මාලනියගේ ආදාහන උත්සවය අද (22) පස්වරු 5.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනිය අගෝස්තු 20 වැනිදා අභාවප්‍රාප්ත වන විට 82 වැනි වියෙහි පසුවූවාය.