August 21, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වැඩවසන පන්සලේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදීමකින් මියගොස් ඇති බව වාර්තා වේ.

ලැබී ඇති මූලික තොරතුරුවලට අනුව, අදාළ පොලිස් නිලධාරියා මෙම සිද්ධියට පෙර දින කිහිපයක සිට යම් අසනීප තත්ත්වයකින් පෙළෙමින් සිට ඇත.

ඔහු සිය නිල ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට සැක පළවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.