
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක 48 හැවිරිදි විදුහල්පතිනියක 27 වතාවක් පිහියෙන් ඇන ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.
මුදල් සෙවීමේ සහ සැපපහසු ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කළ බවට චෝදනා මත එම පාසලේම 10 වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අගෝස්තු 12 වැනිදා උදෑසන කොණ්ඩමල්ලේපල්ලි හි පිහිටි ඇගේ නිවසේදී ඝාතනයට ලක්ව තිබුණේ නාගාර්ජුන රජයේ පාසලේ විදුහල්පතිනිය සහ අධ්‍යක්ෂවරිය වූ කල්ලු රූපා රෙඩ්ඩි නැමැති කාන්තාවකි.
සිදුවීමෙන් පසු පොලිස් කණ්ඩායම් 5ක් යොදවා CCTV දර්ශන, වෝහාරික සාක්ෂි, ඇඟිලි සලකුණු සහ පුද්ගලයන් 80කට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කරමින් පරීක්ෂණ පවත්වා ඇත.
විදුහල්පතිනියගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වීමට පෙර ඇගේ නැන්දණිය සමඟ පැවැති ඇමතුමකදී ඇය ‘බාබු’ යන වචනය භාවිත කර තිබූ බව පරීක්ෂකයන්ට නිරීක්ෂණය විය.
ඇය මෙලෙස ආමන්ත්‍රණය කළ හැක්කේ පාසල් දරුවකුට විය හැකි බවට සැකකිරීම විමර්ශනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය විය.
පාසලට පැමිණීම නතර කළ 10 ශ්‍රේණියේ සිසුන් 5 දෙනෙකු කෙරෙහි අවධානය යොමු කළ පොලිසිය, ඔවුන්ගෙන් දෙදෙනෙකු අධික ලෙස මුදල් වියපැහැදම් කරමින් සාද පවත්වන බව නිරීක්ෂණය කර අත්අඩංගුවට ගත්තේය.
අදාළ සිසුන් දෙදෙනාගේ නේවාසිකාගාර බෑග්වල තිබී මුදල් සහ ජංගම දුරකථනයක් හමුවීම නිසා විදුහල්පතිනිය මීට පෙර ඔවුන්ට අවවාද කර දෙමාපියන් දැනුවත් කර තිබූ අතර, එම නිසා ඔවුන්ව නේවාසිකාගාරයෙන් ද ඉවත් කර තිබේ.
මෙයින් ඔවුන් තුළ පැවැති වෛරය ඝාතනයට බලපාන්නට ඇති බවට සැක කෙරේ.
දින 5ක් තිස්සේ කොල්ලය සැලසුම් කර, මුහුණ ආවරණය කරන හිස්වැසුම් සහ අත්වැසුම් පැළඳ නිවසට ඇතුළු වූ සිසුවකු නිදන කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 2.5ක මුදලක් සොරාගෙන ඇත.
එම අවස්ථාවේ හිස්වැසුම ගිලිහී යෑම නිසා විදුහල්පතිනිය ඔහුව හඳුනාගෙන ඇති අතර, ඉන් බියට පත් සිසුවා ඇයට පිහියෙන් 27 වතාවක් ඇන ඝාතනය කර ඇත.
ඝාතනයෙන් පසු ලේ තැවරුණු ඇඳුම් වළදමා සිසුන් දෙදෙනා ගෝවා ප්‍රදේශයේ සංචාරයක ද නිරත වී ඇති අතර, ඔවුන් ලඟ තිබී ලේ තැවරුණු මුදල්, අලුතින් මිලදී ගත් iPhone එකක් සහ විදුහල්පතිනියගේ දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර ඉක්මනින් මුදල් උපයන්නේ කෙසේදැයි ඔවුන් යූටියුබ් හරහා සෙවුම් කර ඇති බව ද හෙළි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart