
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් අද සිට දින තුනක ජාතික ශෝක කාලයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අගෝස්තු 21, 22 සහ 23 යන දින ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව එහි සඳහන් වේ.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලිනීගේ දේහය, මහජන ගෞරවය පිණිස නුගේගොඩ, නාවල පාරේ, අංක 30, විජයබා මාවතේ පිහිටි “නන්දා මාලිනී සංගීත ආශ්‍රමය” වෙත අද (21) පෙ.ව. 10.00 සිට සෙනසුරාදා (22) ප.ව. 3.30 දක්වා තැන්පත් කර තැබේ.
ඇයගේ අවසන් කටයුතු සෙනසුරාදා (22) ප.ව. 5.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ප්‍රවීණ ශ්‍රී ලාංකේය ගායිකා නන්දා මාලිනී නාවල පිහිටි ඇගේ නිවසේදී ඊයේ (20) අභාවප්‍රාප්ත වූයේ අවුරුදු 82ක් වයසැතිව සිටියදීය.
එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය පිළිබඳව සිය කණගාටුව පළකර ඇති අතර, ඇය “අපේ කාලයේ සැබෑ සංගීත පුරාවෘත්තයක්” ලෙස හඳුන්වා දී ඇත.
නන්දා මාලිනී මහත්මියගේ අකාලික සංගීතය තරුණ මහලු සැමගේ සිත් සතන් තුළ මහත් ආනුභාවයක් ඇති කළ බවත්, ඇගේ විශිෂ්ට සංගීත උරුමය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවත් තුළ සදාජීවමානව පවතිනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart