August 20, 2026

දූෂණ චෝදනාවකට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අද (20) කොළඹ මහාධිකරණය හමුවේදී අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, චෝදනා ලැබ සිටින සැකකරුවන් දෙදෙනාම ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබේ.