
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන්, අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් අනතුරට පත්ව තිබේ.
වවුනියාව සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11.00 ට පමණ නල්ලතන්නිය පොලිස් ස්ථානයට පැමිණ ශ්‍රී පාදය වන්දනා කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව දැනුම් දී ඇත.
එහෙත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ ගමන් නොකරන ලෙසත්, පසුදා උදෑසන නැවත පැමිණෙන ලෙසත් පොලිස් නිලධාරීන් එම පිරිසට උපදෙස් දී තිබේ.
පොලිස් උපදෙස් මත නවාතැන්පලක් සොයා ආපසු යමින් සිටියදී, මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ මෝහිනී ඇල්ල ආසන්නයේදී මෙම මෝටර් රථය ලිස්සා ගොස් ඇළට වැටී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ගමන් කරමින් සිට ඇත.
මෝටර් රථයට බරපතල හානි සිදුවී තිබුණද, එහි ගමන් කළ පස්දෙනාටම කිසිදු තුවාලයක් සිදුවී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart