August 20, 2026

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමතවිචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත්, එම ජනමත විචාරණය පැවැත්වීමට රජය සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මහජන හමුවකට එක්වෙමින් ඇමැති ජයතිස්ස කියාසිටියේ, සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසය වන විට අපේක්ෂිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව, පාර්ලිමේන්තු අනුමැතිය හෝ ජනමත විචාරණයක් මගින් ඉදිරියට යාමට රජය සූදානමින් සිටින බවයි.

මෙම යෝජිත සංශෝධනය සම්පූර්ණයෙන්ම මහජන සුභසිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති බවත්, ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය තවදුරටත් ඉදිරියට ගෙනයන බවත් ඔහු අවධාරණය කළේය.

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නම්, ඒ අනුව කටයුතු කිරීමටත්, ජනමතවිචාරණයක් අවශ්‍ය නම්, ඒ සඳහාත් අපි සූදානම්” යැයි ඇමැති ජයතිස්ස පැවසීය.