August 16, 2026

ඉන්දියාව සිය ගුවන් බලය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ඩොලර් බිලියන 12 ක දැවැන්ත ආයෝජනයකින් නව ගුවන් යානා 210 ක් මිළදී ගැනීමට සූදානම් වේ.

‘Armádní noviny’ වාර්තා සඳහන් කරන්නේ, මින් ඩොලර් බිලියන 10.5 ක් බහුකාර්ය ප්‍රවාහන ගුවන් යානා 60 ක් සඳහාත්, ඩොලර් බිලියන 1.8 ක් ජෙට් පුහුණු ගුවන් යානා 150 ක් සඳහාත් වෙන්කර ඇති බවයි.

‘Make in India’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේදී, පළමු ප්‍රවාහන යානා 12 හැර අනෙකුත් සියලුම යානා විදේශීය සමාගම්වල තාක්ෂණික සහාය ඇතිව ඉන්දියානු සමාගම් විසින් දේශීයව එකලස් කිරීමට නියමිතය.

මෙමගින් ඉන්දියානු ගුවන් හමුදාවේ පැරණි An-32 සහ Hawk Mk132 ගුවන් යානා ඉවත් කෙරෙන අතර, Rafale, Tejas වැනි ප්‍රබල ප්‍රහාරක යානා සඳහා දක්ෂ නියමුවන් පුහුණු කිරීමට මින් මඟපෑදෙනු ඇත.