August 19, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින්, පලෙයි වනාන්තර ප්‍රදේශය සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමකින් තොර අසත්‍ය කරුණු ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පුද්ගලයා සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

සමාජ නොසන්සුන්තාවයක් ඇති වන පරිදි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (18) පස්වරුවේ මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ලබන මස 02 වැනිදා දක්වා වැඩිදුර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.