
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දශක තුනකට ආසන්න කාලයක් දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සිටි වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ (18) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මියයන විට මෙම ජිරාෆ් ධේනුව වයස අවුරුදු 30කට ආසන්න ආයු කාලයක් භුක්ති විඳ තිබූ අතර, ස්වාභාවික වනාන්තරයකදී ජිරාෆ් සතෙකුගේ ආයු කාලය වසර 20-25ක් පමණ වුවද සත්වෝද්‍යානය තුළ ලැබුණු නිසි සුරක්ෂිතතාව, පෝෂණීය ආහාර සහ පශු වෛද්‍ය සංරක්ෂණය නිසා සත්වයාට මෙලෙස දීර්ඝ ආයුෂ විඳීමට හැකිවූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
මියයෑමට පෙර විශේෂිත වූ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, මරණයට හේතුව වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වාභාවික තත්ත්වයන් බව මූලිකව නිරීක්ෂණය වී ඇත. සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) දින සිදු කිරීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, මෙම අඩුව පුරවමින් මෙලෙස සමුගත් ජිරාෆ් සත්වයා වෙනුවෙන් ඉදිරි කාලයේදී අලුත් ජිරාෆ් සතුන් පිරිසක් සත්වෝද්‍යානයට එක්වීමට නියමිතය.
සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මේ වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් යුගල දෙකක් (සතුන් 4 දෙනකු) දෙහිවලට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart