
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර ව්‍යාපෘතියට අයත් අභයගිරි පරිශ්‍රයේ කපාලරාම මූල යන ස්ථානයේ කරන ලද කෑණීම්වලදී රන් ආලේපිත ප්‍රතිමා සමූහයක් හමු වී තිබේ.
එම ව්‍යාපෘතියේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මෙම කෑණීමෙන් ප්‍රතිමා වහන්සේ 17ක් හමු වූ බව පැවසීය. මෙය මූලික තැන්පත් කිරීමක් නොවන බවත්, හදිසි අවස්ථාවකදී වළලා දැමූ අවස්ථාවක් විය හැකි බවත් ඔහු කීය.
කපාලරාම මූල ස්ථානයේ ප්‍රාකාර බැම්මට යාබදව තිබී මෙම පිළිම වහන්සේ සමූහය හමු වී තිබේ. එහි සිදු කළ නිරීක්ෂණවලට අනුව ඒවා ක්‍රි.ව. 7-8 කාලයට අයත් විය හැකි බවට අනුමාන කළ හැකි බවත්, පිළිම වහන්සේ සහ වැළලීම සිදුකළ කාලය අතර වෙනසක් ඇති බවටද අනුමාන කරන බවත් කී චන්දන විතානාච්චි, මහාවිහාර පරිශ්‍රයේ ඇති සංරක්ෂණාගාරය තුළ මෙම පිළිම වහන්සේ තැන්පත් කිරීමෙන් පසුව මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී අනාවරණ කරගැනීමට හැකි බවද වැඩිදුරටත් කීවේය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර ව්‍යාපෘති භාර කළමනාකාර තුසිත හේරත්, අභයගිරි ව්‍යාපෘතියේ ස්ථාන භාර නිලධාරී ආනන්ද ජයවර්ධන, කෑණීම් පරීක්ෂක පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤාසිංහ හිමි ඇතුළු පිරිස් මෙම කෑණීම් කටයුතුවලදී සහය ලබා දී තිබේ.
පිළිම අදාළ ස්ථානයෙන් ඉවත් කරගන්නා අවස්ථාවට අභයගිරි විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි, අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න, නාගරික කොමසාරිස් නිශාන්ත රෝසි හා මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස්. දිසානායක ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart