
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍ය විශේෂඥයන්ගේ උග්‍ර හිඟය පවතින මොහොතක මෙරට සිටින ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් එකොළොස් දෙනාගෙන් හයදෙනෙක් විදේශයන්ට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.
රට තුළ සිටිය යුතු සම්පූර්ණ සුදුසුකම් ලත් ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව විස්සක් විය යුතු බව විශ්වාසදායක මුලාශ්‍ර සඳහන් කරයි.
කෙසේ වෙතත්, මේ වන විට සෞඛ්‍ය අමාත්යංශය සතුව තොරතුරු පවතින්නේ ඔවුන්ගෙන් 11දෙනකු සම්බන්ධයෙන් පමණකි.
මෙලෙස විදේශගතවී ඇත්තේ එම පිරිසෙන් 06 දෙනෙකි.
මේ වනවිට ළමුන් සඳහාවන රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සම්පූර්ණ සුදුසුකම් ලත් ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ පස් දෙනෙක් පමණක් බව වාර්තා වේ.
මෙම හිඟය නිසා බහුතර ළමා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා රෝහල වෙත යවන ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ප්‍රමුඛ ගැටලුවක් වීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ගැටලු රාශියකට සෞඛ්‍ය බලධාරීහු පොරබදමින් සිටිති.
මෙම කාරණය සම්පූර්ණයෙන් නිරාකරණය කිරීමට අවම වශයෙන් තවත් වසර තුනක්වත් අවශ්‍යවන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart