
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. (LTTE) පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අසත්‍ය තොරතුරු පතුරුවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී වැඩිදුර තොරතුරු දක්වමින් ඇමැති ජයතිස්ස කියාසිටියේ, අදාළ භූමිය කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කන්නගිපුරම්, මුක්කන්පම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය 1919 වසරේදී වනාන්තර රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති රජයේ ඉඩමක් බවයි.
මෙම සිදුවීම රජයේ ඉඩමක සිදුකළ නීතිවිරෝධී වගාකිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධ එකක් බවත්, අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් අධිකරණ අතපෙවීම් පවා සිදුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයාට අනුව, මෙම ස්ථානයේ වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධ සිදුවීම් 2025 වසරේ සිට වන සංරක්ෂණ බලධාරීන් වෙත වාර්තා වී තිබේ.
මෙම භූමියේ සිදුවූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ත්‍යාගරාජා කුලදීපන් නමැති පුද්ගලයාට එරෙහිව නඩු හතක් ගොනුකර ඇති බව ඇමැතිවරයා පැවසීය.
ආරම්භයේදී අක්කර 10ක ප්‍රමාණයක් එළිපෙහෙළි කර ඇති අතර, පසුව එය කෝමාරිකා සහ එළවළු වගාව සඳහා අක්කර 20 දක්වා ව්‍යාප්ත කර ඇති බව ඔහු කීය.
එමෙන්ම ගම්වාසීන්ට රැකියා සපයමින් ඇඟලුම් නිෂ්පාදන කටයුත්තක් පවත්වාගෙන යෑම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ද එහි ඉදිකර තිබූ බව ඔහු සඳහන් කළේය.
මෙම වසරේ (2026) පෙබරවාරි මාසයේදී අදාළ ඉඩමෙන් ඉවත්වන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම පුද්ගලයාට නියෝග කළ බව හෙතෙම පැවසීය.
කෙසේවෙතත්, එම නියෝගයට අනුකූලව කටයුතු කර නොමැති අතර, බර යන්ත්‍රෝපකරණ යොදාගනිමින් වැලි ගොඩගැනීම ඇතුළු ක්‍රියාකාරකම් එම ස්ථානයේ තවදුරටත් සිදුව ඇති බවට ඔහු චෝදනා කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මෙම සිදුවීම රජයේ දේපළ අනවසරයෙන් අත්පත් කර ගැනීම, අනවසර ඉදිකිරීම්, වගාකිරීම් සහ වැලි ජාවාරම සම්බන්ධ එකක් මිස එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑමක් නොවන බවයි.
මෙම නීතිවිරෝධී ක්‍රියාවට ප්‍රදේශයේ දෙමළ දේශපාලනඥයන්ගේ සහය හිමිව තිබේදැයි ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ජයතිස්ස අවධාරණය කළේ, රජයේ ඉඩම්වල සිදුවන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා රටේ විවිධ ප්‍රදේශවලින් ද හමුවන බැවින්, මෙය ජාතිවාදී කෝණයකින් නොබලා සිදුව ඇති වරද පදනම් කරගෙන විමර්ශනය කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart