
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අධ්‍යාපන සභාව’ නමින් නව ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ගුරුවරුන්, ගුරු උපදේශකයන්, විදුහල්පතිවරුන්, ගුරු අධ්‍යාපනඥයන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ඇතුළු සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ සියලුම වෘත්තීය කාණ්ඩ ආවරණය වන පරිදි ප්රමිතිකරණය, ලියාපදිංචිය, බලපත්‍රකරණය, තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය සිදු කිරීම මෙම යෝජිත අධ්‍යාපන සභාවේ ප්‍රධාන කාර්යභාරය වේ.
මෙම ක්‍රියාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්නගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කර තිබූ අතර, එම කමිටුව ලබා දුන් වාර්තාව සහ ඒ මත විමසන ලද මහජන අදහස් ඇතුළත් සමාලෝචන වාර්තාව පාර්ලිමේන්තුවේ අදාළ අනුකාරක සභාවේ අනුමැතියට ලක්ව තිබේ.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පවතින නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව මෙම අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart