
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්මුණේ රෝහල ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි සේවය කරන මුස්ලිම් හෙද නිලධාරිනියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සඳහා වහාම ක්‍රියාත්මක වන ස්ථිර විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණ පිළිබඳව අවධානය යොමු වූ අතර, ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් සහ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.
පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ මෙම සංවේදී ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, හෙද නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සහ සියලු පාර්ශ්වයන් අතර එකමුතුකම ආරක්ෂා කරගනිමින්, රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සාමකාමී මෙන්ම ප්‍රායෝගික විසඳුමක ඇති වැදගත්කම එහිදී අවධාරණය කෙරිණි.
ඒ අනුව, දැනට මතුව ඇති තත්ත්වයට විසඳුම් ලෙස වහාම ක්‍රියාත්මක වන කෙටිකාලීන පියවර හඳුන්වා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
එසේම ඉදිරියේදී මෙවැනි ගැටලු නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ඉක්මනින්ම ස්ථිර, දීර්ඝකාලීන විසඳුමක් හඳුනාගෙන එය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart