
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ මුල් මාස හත ඇතුළත කටාර් රාජ්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතීන් වෙනුවෙන් රුපියල් මිලියන 80.8කට අධික වන්දි මුදලක් අයකර දීමට දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.
කලාපීය වශයෙන් පැවැති උණුසුම්කාරී තත්ත්වය හමුවේ මතුවූ අභියෝග මධ්‍යයේ වුවද, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ තානාපති කාර්යාලය විසින් රුපියල් 80,886,895.32ක සමස්ත මරණ වන්දි මුදලක් මෙලෙස අය කරගෙන ඇත.
එම සමස්ත මුදලින් රුපියල් 13,229,128ක මුදලක් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අදාළ ළඟම ඥාතීන් වෙත සෘජුවම ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් 67,657,767.32ක මුදල අය කරගෙන අදාළ ප්‍රතිලාභීන් වෙත බෙදාහැරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.
මෙලෙස අයකර ගත් මුදලට 2023 වසරේ සිට විසඳීමට තිබූ නඩුවලට අදාළ වන්දි මුදල් ද ඇතුළත් වේ.
අදාළ වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා කටාර්හි ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන් ඇතුළු කණ්ඩායම විසින් අදාළ සමාගම්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය, කටාර් බලධාරීන් සහ තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන නීතිඥ සමාගම සමඟ එක්ව කටයුතු කර ඇත.
පසුගිය 2025 වසර තුළදී ද තානාපති කාර්යාලය විසින් රුපියල් 197,719,710.36ක සමස්ත වන්දි මුදලක් අයකර ගෙන ශ්‍රී ලංකාවේ සිටින අදාළ ළඟම ඥාතීන් වෙත එම මුදල් ලබාදීමට කටයුතු කර තිබිණි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart