August 18, 2026

කොළඹ කොම්පඤ්ඤවීදිය ශ්‍රී මුරුගන් කෝවිලේ රුපියල් මිලියන 26.7ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කෝවිලේ ප්‍රධාන පූජකවරයාට විදේශගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සතීස්වරන් කුරුක්කල් නැමැති මෙම සැකකාර පූජකවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු පොලිසිය මගහැර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

කෝවිලට අයත් රන් භාණ්ඩ උකස් තබා ලබාගත් මුදලින් අදාළ පූජකවරයා කොටහේන, නව චෙට්ටි වීදිය ප්‍රදේශයෙන් දේපළක් මිලදී ගෙන ඇති බවට පොලිසිය චෝදනා කරයි.

අතුරුදහන් වූ කෝවිලේ රන් භාණ්ඩ සොයාගැනීමට සහ එම මුදලින් මිලදී ගන්නා ලද දේපළ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

එසේම පළාගොස් සිටින සැකකාර පූජකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.