
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 20,000ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හේරොයින් මිලිග්‍රෑම් 70ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහිව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා නොකර, විධිමත් අධිචෝදනා පත්‍රයක් මගින් නඩුව ඉදිරිපත් කිරීමට උපකාර කිරීම වෙනුවෙන් වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් මෙම මුදල ඉල්ලා ඇති බව පැවසේ.
අගෝස්තු 15 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි මෙම සැකකරු, නඩු කටයුතු අවසන් වීමෙන් පසු මුදල් ලබාදීමට එකඟ වී ඇත.
ඒ අනුව සඳුදා (17) දිනයේ මුදල් ලබාදීමට කටයුතු යොදා තිබුණද, මුදල් එකතු කරගැනීමට නියමිත වේලාවේදී වැඩබලන ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට ගොස් සිට ඇත.
වැඩබලන ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ මුදල ලබාගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයා අල්ලස් මුදල භාරගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත වැඩබලන ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිලධාරීන් දෙදෙනාම නොබෝදා සයින්දමරුදු පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා වාර්තා කළ අය වන අතර, ඔවුන් දෙදෙනා අල්ලස් කොමිසමේ භාරය යටතේ කල්මුණේ පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart