
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කරන ලද, රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් සත්ත්ව ඖෂධ කිලෝග්‍රෑම් 1,090ක තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ (17) කෙරවලපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී විනාශ කර තිබේ.
පසුගිය ජූනි 09 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ වැටළීමකදී මෙම ඖෂධ තොගය සොයාගෙන ඇත.
අදාළ ඖෂධ නිසි ප්‍රමිතියෙන් තොර මෙන්ම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබූ ඒවා බව හඳුනාගෙන තිබේ.
මෙවැනි ප්‍රමිතියෙන් තොර නීතිවිරෝධී ඖෂධ සතුන්ට ලබාදීමෙන් සතුන්ගේ ජීවිතවලට මෙන්ම, එම සතුන්ගෙන් ලබාගන්නා මස්, කිරි සහ බිත්තර වැනි සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය කරන මහජනතාවගේ සෞඛ්‍යයට ද දැඩි අවදානමක් එල්ල විය හැකි බව නිලධාරීහු පෙන්වාදෙති.
මෙම ක්‍රියාව සත්ත්ව රෝග පනතේ 17 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙසද අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදකයා කැඳවා ප්‍රශ්න කිරීමේදී ඔහු සිය වරද පිළිගෙන ඇති අතර, එකී ඖෂධ නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කළ බවට දිවුරුම් ප්‍රකාශයක් ද ලබාදී තිබේ.
මේ අතර, අදාළ ඖෂධ තොගය විනාශ කිරීම සඳහා ගිය සම්පූර්ණ වියදම ද අදාළ නිෂ්පාදකයා විසින්ම දරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart