
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය රෝහලකදී 55 හැවිරිදි රෝගියෙකුගේ ශරීරයෙන් කිලෝග්‍රෑම් 3.1 ක බරින් යුත් ‘මුත්‍රාශයේ ගලක්’ (bladder stone) ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කර ඇති අතර, එය ලෝකයේ ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද විශාලතම මුත්‍රාශයේ ගල් අතරින් එකක් විය හැකි බව වෛද්‍යවරු පවසති.
ආබාධිත තත්ත්වයේ පසුවන මෙම රෝගියා මීට මාසයකට පමණ පෙර රෝහලට ඇතුළත් කර ඇත්තේ උදර ප්‍රදේශයේ යම් ගෙඩියක් ඇති බවට මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමෙන් පසුවය.
පසුව සිදුකරන ලද වැඩිදුර පරීක්ෂණවලදී මෙම ගැටිත්ත සැබවින්ම විශාල ප්‍රමාණයේ මුත්‍රාශයේ ගලක් බව අනාවරණය වූ බව ශල්‍යකර්මයට සම්බන්ධ වූ වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍යවරයෙක් පැවසීය.
විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් රෝගියාව ශල්‍යකර්මය සඳහා සූදානම් කළ අතර, අගෝස්තු 14 වැනිදා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.
ශල්‍යකර්මයේදී ඉවත් කරන ලද ගලෙහි බර කිලෝග්‍රෑම් 3.1 ක් වන අතර එහි දිග සෙන්ටිමීටර 14 ත් 19 ත් අතර වන බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙම ගල ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද විශාලතම මුත්‍රාශයේ ගල ලෙස ගිනස් ලෝක වාර්තාවකට (Guinness World Record) සුදුසුකම් ලැබීමේ හැකියාවක් පවතින නමුත්, ඒ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරිය පවසයි.
අවශ්‍ය පහසුකම්, උපකරණ සහ සහාය ලබාදීම රෝහල් පරිපාලනයේ කාර්යභාරය වූ බව සඳහන් කළ ඇය, මෙම සැත්කම සාර්ථකව සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍ය කණ්ඩායමට සිය ප්‍රශංසාව හිමිකර දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart