
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘දිට්වා’ (Ditwah) සුළිකුණාටුවෙන් පසුව සිදුකරන නැවත ගොඩනැගීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා වෙන්කළ මුදල්වලින් මෙතෙක් භාවිත කර ඇත්තේ 30%ක් පමණක් බව අනාවරණය වීමත් සමඟ, එම සහන ප්‍රතිපාදන වෙන් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරන පරිදි, ගංවතුරින් සහ නායයෑම්වලින් හානියට පත් ප්‍රදේශවල වන්දි ගෙවීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ රුපියල් බිලියන 86.7ක් නිදහස් කර ඇති බව භාණ්ඩාගාර වාර්තා පෙන්වා දෙයි.
කෙසේවෙතත්, ඉන් වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 26.4ක් එනම් 30%ක් වැනි ප්‍රමාණයක් පමණක් වන අතර, ඉතිරි රුපියල් බිලියන 60.3ක මුදල තවමත් භාවිත කර නොමැත.
අගෝස්තු 12 වැනි දිනැති ලිපියක් මගින් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ ඉතිරි 70%ක මුදල ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම මෙම වාර්තාව මගින් නැවත පදිංචිකිරීමේ වැඩසටහන්වල පවතින මන්දගාමී ප්‍රගතියද පෙන්වා දී ඇත. බලපෑමට ලක්වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 1.05ක මුදලින් ජූලි 31 වන විට වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 190ක් (18%) පමණක් වන අතර, රුපියල් මිලියන 868ක් (82%) භාවිත නොකර ඉතිරිව තිබේ.
නැවත පදිංචිකිරීමේ වැඩසටහන් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන් විසින් පෙන්වා දී ඇති අතර, ඉදිරියේදී තවත් රුපියල් බිලියන 1.94ක අමතර ප්‍රතිපාදන ලබාදීමට නියමිත බවද සඳහන් කර ඇත.
මේ අතර, ක්ෂණික සහන ලබාදීමේ කටයුතුවල පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබේ. ආපදාවෙන් අගතියට පත් ජනතාව සඳහා හදිසි සහන ලෙස නිදහස් කරන ලද රුපියල් බිලියන 7.6ක මුදලින් 85%ක්ම ජූලි 31 වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන්ය.
දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජීවනෝපායන් නැවත ගොඩනැගීමට සහ යටිතල පහසුකම් ප්රනරුත්ථාපනය කිරීමට මෙම මුදල් වේලාවට ලබාදීම අත්‍යවශ්‍ය බව බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart