
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නෙට්බෝල් කණ්ඩායමේ පැවති අභ්‍යන්තර කල්ලිවාදය, විනය විරෝධී ක්‍රියා සහ අසාධාරණ තේරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට වසර 21කට පසුව නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ ලේකම් සහ හිටපු ජාතික නායිකා දමයන්ති ජයතිලක වසයි.
ආසියානු නෙට්බෝල් තරගාවලිය අතරතුරදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විසින් කණිෂ්ඨ ක්‍රීඩිකාවන්ට කුණුහරුපයෙන් බැනවදිමින් දැඩි මානසික පීඩනයකට ලක්කර ඇති බව ඇය ජනමාධ්‍ය හමුවේ අනාවරණය කළාය.
ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් තරගාවලියේ නිල අවසාන උත්සවයේදී පවා අශෝභන ලෙස හැසිරෙනු තමා පෞද්ගලිකවම දුටු බවත්, ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවත් ලේකම්වරිය සඳහන් කළාය.
එමෙන්ම, කණ්ඩායමේ පුහුණුකාරිනියද ක්‍රීඩිකාවන් තේරීමේ අදියරේ සිටම මෙම බෙදීම් ඇති කිරීමට කටයුතු කර ඇති බවට ඇය චෝදනා කළාය.
තරගාවලිය ආරම්භ වීමටත් පෙර දක්ෂ කණිෂ්ඨ ක්‍රීඩිකාවන් තිදෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, පුහුණුකාරිනියගේ ක්‍රියාකලාපය නිසා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර දැඩි මතභේද හටගත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
චීනයේ ෂැංහායි නුවර පැවැති ආසියානු නෙට්බෝල් තරගාවලිය නිමාකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අතර, නෙට්බෝල් සම්මේලනයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ක්‍රීඩිකාවන්ගේ මාපියන් පිරිසක් ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart