
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උපන්දින සාදයක හැමෝගෙම වැඩිම අවධානයක් යොමු වෙන්නේ ලස්සනට සරසලා තියෙන රසම රස කේක් එකටයි. ඒත් ඒ කේක් ගෙඩිය නිසාම මුළු සාදයම කඳුළු ගඟක් වෙන තැනට වැඩ සිද්ධ වුණොත්? ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන මේ සිදුවීම ඇසුවොත් ඔබටත් ආයෙත් කේක් කන්න කළින් දෙපාරක් හිතන්න සිදුවනු නොඅනුමානයි.
උත්කර්ෂවත් ලෙස පැවැති උපන්දින සාදයකදී රස විඳි කේක් එකෙන් සුළු මොහොතකට පසු, සාදයට පැමිණි දරුවන් 7 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු 11 දෙනෙකුට එකවර දැඩි උදරයේ සහ පපුවේ කැක්කුමක් හටගෙන තිබෙනවා. තත්ත්වය බරපතළ වෙමින් විනාඩි කිහිපයක් ඇතුළත ඔවුන්ව අසල පිහිටි රෝහල වෙත ගෙන යාමට පියවර ගෙන ඇති අතර, එහිදී වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ මෙය දරුණු ගණයේ ආහාර විෂවීමක් බවයි.
මෙම අමුතු සිදුවීමත් සමඟ සෞඛ්‍ය නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී සාදයේ තිබූ ආහාර පාන පරීක්ෂා කිරීමට පටන් අරගෙන. එහිදී සැවොම තිගැස්සී යන අන්දමේ පිළිකුල් සහගත දසුනක් හමුවෙලා. ඒ තමයි, උපන්දින කේක් එක තුළ තැම්බී ගිය මියගිය කටුස්සෙකුගේ මළසිරුරක් තිබී හමුවීමයි.
කේක් එක නිෂ්පාදනය කළ බේකරියේ අතිශය අපිරිසිදු සහ නොසැලකිලිමත් නිෂ්පාදන ක්‍රියාවලිය මෙයින් හෙළි වී ඇති අතර, අදාළ වෙළෙඳසැලට එරෙහිව දැනටමත් තදින්ම නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
වාසනාවකට මෙන් රෝහල්ගත කළ සියලු දෙනාම වෛද්‍ය ප්‍රතිකාර හමුවේ මේ වන විට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වෙනවා.
කෙසේවෙතත්, මේ පුවතත් සමඟ ප්‍රදේශයේ බේකරි නිෂ්පාදනවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ආරක්ෂිතභාවය ගැන දැඩි භීතියක් සහ ප්‍රශ්නාර්ථයක් මතුවෙලා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart