
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් නයනතිව් (නගදීපය) ආසන්නයේදී ඉරිදා (16) අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි මගීන් 10 දෙනකු බේරාගත් බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම බෝට්ටුවේ පිරිමින් අටදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ශ්‍රී ලංකා නාවික හමුදාව අමතා වහාම මුදවාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබේ.
නාවික හමුදාව, නයනතිව් සහ ඩෙල්ෆ් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මගීන් 10 දෙනාම බේරා ගැනීමට සමත්ව ඇත. පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නයනතිව් රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට හේතුව පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති අමාත්‍යවරයා, මගීන් සඳහා ප්‍රමාණවත් ජීවිත ආරක්ෂක කබා (Life jackets) සපයා තිබුණේද යන්න සහ අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කර තිබුණේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එසේම, සාගර මගී ආරක්ෂණ ක්‍රියාපටිපාටීන් දැඩි ලෙස අනුගමනය කරන ලෙසත්, මෙවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඇමැති චන්ද්‍රසේකර් නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart