
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් 2026 ජූලි මාසයේදී සිදුකළ ‘Mood of the Nation’ සමීක්ෂණයේ නවතම වාර්තාවට අනුව, මෙරට වත්මන් ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය (Approval Rating) 50% දක්වා අඩුවී තිබේ.
එම ආයතනයේ පසුගිය 2026 පෙබරවාරි මාසයේ පැවැති සමීක්ෂණයේදී මෙම අගය 65%ක් ලෙස සටහන්ව තිබේ.
මෙම සමීක්ෂණයට අනුව රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන පිරිස 64% සිට 42% දක්වා පහත වැටී ඇති අතර, ආර්ථිකය යළි අයහපත් වන බව පවසන පිරිස 40% දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම රජයේ ක්රියාකලාපය පිළිබඳව නොපැහැදීමෙන් පසුවන පිරිස 31% දක්වා ඉහළ ගොස් තිබේ.
වත්මන් ආර්ථික තත්ත්වය ‘දුර්වල’ මට්ටමක පවතින බව සමීක්ෂණයට එක්වූවන්ගෙන් 56%ක්ම ප්රකාශ කර ඇති අතර, එය ‘යහපත්’ හෝ ‘ඉතා විශිෂ්ට’ ලෙස අගය කර ඇත්තේ 38%ක් පමණි.
මේ අනුව, පසුගිය 2025 පෙබරවාරි මාසයෙන් පසු ධන අගයක පැවැති ‘ආර්ථික විශ්වාසනීයත්වයේ දර්ශකය’ (Economic Confidence Index) මෙම සමීක්ෂණයේදී නැවතත් සෘණ 8 (-8) දක්වා පහත බැස ඇත.
2026 ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ මුළු දිවයිනම නියෝජනය වන පරිදි වැඩිහිටියන් 2,013 දෙනෙකු ආවරණය වන පරිදි Vanguard Survey (Pvt) Ltd ආයතනය විසින් මෙම සමීක්ෂණය මෙහෙයවා තිබේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart