
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට විදේශ රාජ්යතාන්ත්රික ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් ඇමෙරිකාව සහ චීනය යන ලොව ප්රබලතම රටවල් දෙක සඳහා නව තානාපතිවරුන් පත්කිරීම පසුගිය සතියේදී සිදුවිය. ඒ අනුව ශ්රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වූ වේ හුඅශියැං දිවයිනට පැමිණ ඇති අතර, ඔහු සඳහන් කළේ ශ්රී ලංකාව වැනි පෞරාණික ඉතිහාසයක් සහ සුන්දරත්වයක් හිමි රටක සේවය කිරීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් බවයි. එක් තීරයක් එක් මාවතක් (Belt and Road) සංකල්පය යටතේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ගේ සහ ආයතනවල සුභසාධනය වෙනුවෙන් කැපවන බවද ඔහු අවධාරණය කළේය.
අනෙක් පසින් ශ්රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස පත් වූ එරික් මේයර් වොෂිංටන් ඩී.සී. හි ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ. දකුණු සහ මධ්යම ආසියානු කලාපීය කටයුතු පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් ඇති ජ්යෙෂ්ඨ රාජ්ය තාන්ත්රිකයකු වන එරික් මේයර්ද ඉදිරි දින කිහිපය තුළ කොළඹ වෙත පැමිණීමට නියමිතය.
මෙම උණුසුම් රාජ්යතාන්ත්රික පත්වීම් අතරතුර, BRICS වාණිජ මණ්ඩලයේ (ශ්රී ලංකා) ප්රධාන ලේකම් කෝසල වික්රමනායක විසින් ජනාධිපතිවරයා සහ විදේශ අමාත්යවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත. ශ්රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ඇමෙරිකාව වන අතර දෙවන විශාලතම ආර්ථික සහකරු සහ ණය ප්රතිගොඩනැගීමේ ප්රධානියා චීනය බව පෙන්වාදෙන ඔහු, මෙම තනතුරු සඳහා හුදෙක් උත්සවවලට පමණක් සීමා නොවී, රටට වාසිදායක ලෙස වෙළෙඳ ගනුදෙනු මෙන්ම ආයෝජන දිනාගත හැකි වාණිජමය හැකියාවෙන් පිරිපුන් පුද්ගලයන් පත්කිරීමේ වැදගත්කම එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart