
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1996 වසරේ මුලතිව්, කුමාරපුරම් ප්‍රදේශයේදී දෙමළ වැසියන් 24 දෙනකු ඝාතනය කිරීම සහ තවත් 25 දෙනකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර සිටි හිටපු හමුදා සෙබළුන් හයදෙනාගේ නඩුව නැවත විභාග කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අනුරාධපුර මහාධිකරණය ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
අමල් රණරාජා සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර, විනිසුරුවරුන් දෙදෙනාම ඊට අදාළව වෙන වෙනම තීන්දු ප්‍රකාශයට පත්කර තිබේ.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සටහන් කළ ඇතැම් වාර්තා සලකුණු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අවසර නොදීම බරපතල තාක්ෂණික දෝෂයක් බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා කළ තර්කය අභියාචනාධිකරණය මෙහිදී පිළිගෙන ඇත.
නිල මුද්‍රාවක් හෝ දිනයක් නොමැති බව පවසමින් අදාළ ලේඛන ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවන බවත්, අධිකරණය අවධානය යොමුකළ යුතුව තිබුණේ එම සාක්ෂි පිළිගත හැකිද යන්න පිළිබඳව බවත් විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
1996 පෙබරවාරි 11 වනදා සිදු වූ මෙම සිදුවීමට අදාළව චෝදනා 101ක් යටතේ අධිචෝදනා ලබා සිටි මෙම හිටපු හමුදා සෙබළුන් හයදෙනා 2016 වසරේදී අනුරාධපුර මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර තිබිණි.
වගඋත්තරකාර හිටපු සෙබළුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පෙනීසිටියේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart