
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ikman සහ Facebook Marketplace අන්තර්ජාලය ඔස්සේ සපයනු ලබන වෙළඳ සේවාවන් ඔස්සේ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැලෙන්නන් ඇතුළු මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත පොලිසිය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙම ජාවාරමේදී වංචාකරුවන් විසින් ඇස්බැස්ටෝස් තහඩු, සිමෙන්ති සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය, වෙළඳපොළ සාමාන්‍ය මිලට වඩා ඉතා අඩු මුදලකට ලබාදෙන බවට පවසමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරයි.
පාරිභෝගිකයෙකු භාණ්ඩ සඳහා ඇණවුමක් ලබාදුන් පසු එම වංචාකරු අදාළ පාරිභෝගිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි සැබෑ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් සම්බන්ධ කරගනිමින්, අදාළ භාණ්ඩ පාරිභෝගිකයාගේ නිවසට හෝ ඉදිකිරීම් භූමියට ගෙනගොස් බාරදීමට කටයුතු යොදයි.
භාණ්ඩ නිවසට පැමිණි පසු, වංචාකරු නැවතත් පාරිභෝගිකයා අමතා තමන් ලබාදෙන බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙස උපදෙස් දෙයි.
පාරිභෝගිකයා තමන් රැවටීමට ලක්වූ බව වටහා ගන්නේ භාණ්ඩ රැගෙන ආ රියදුරු හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලේ හිමිකරු විසින් භාණ්ඩ සඳහා මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදීය. මෙවැනි අවස්ථාවලදී පාරිභෝගිකයාට වංචාකරුගේ ගිණුමට යොමු කළ මුදල මෙන්ම ඇණවුම් කළ භාණ්ඩ ද අහිමි වීමේ දැඩි අවදානමක් පවතී.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මහජනතාවට පහත සඳහන් පූර්වාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස පොලිසිය උපදෙස් දෙයි.
භාණ්ඩ ඔබේ නිවසට හෝ ඉදි කිරීම් භූමියට ලැබුණු පමණින්ම අන්තර්ජාලය ඔස්සේ (Online) මුදල් ගෙවීමෙන් වලකින්න.
භාණ්ඩ රැගෙන ආ රියදුරු හෝ අදාළ හාඩ්වෙයාර් ආයතනයේ හිමිකරු සෘජුවම සම්බන්ධ කරගනිමින් ගනුදෙනුව පිළිබඳව තහවුරු කරගන්න.
බැංකු තැන්පතු/හුවමාරු (Bank Transfer) මගින් මුදල් ගෙවන්නේ නම්, අදාළ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලේ නමින් ලියාපදිංචි කර ඇති නිල බැංකු ගිණුමකට පමණක් මුදල් යොමු කරන්න.
හැකි සෑම විටම භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) ක්‍රමවේදය තෝරාගන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart