
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඩේටා ෆවුන්ඩේෂන් (Lanka Data Foundation) ආයතනයේ නවතම ත්ත සටහන්වලට (Department Flow) දඅනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධුර කාලයේ පළමු වසර තුළදී රාජ්‍ය දෙපාර්තමේන්තු (ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා ඇතුළුව) අමාත්‍යාංශ යටතේ වෙනස් වීමේ ප්‍රවණතාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු වසරට සාපේක්ෂව පස්ගුණයකින් පමණ අඩුවී තිබේ.
2019 සිට සෑම ජනාධිපතිවරයෙකුගේම ධුර කාලය තුළ ආයතන ගැසට් කිරීමේ දත්ත පදනම් කරගනිමින්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා අමාත්‍යාංශ අතර හුවමාරු වූ ආකාරය මෙම සටහන මගින් පෙන්වා දෙයි.
එක් එක් ජනාධිපතිවරයාගේ පළමු වසර තුළ සිදු වූ අමාත්‍යාංශ වෙනස්කම් මෙසේය:
– අනුර කුමාර දිසානායක ජනාධිපති සමය: පළමු වසර තුළදී අමාත්‍යවරයා වෙනස් වී ඇත්තේ දෙපාර්තමේන්තු 37ක පමණි.
– ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමය: පළමු වසර තුළදී දෙපාර්තමේන්තු 90 ක අමාත්‍යවරුන් එකවර වෙනස් වී ඇත. මෙහිදී දෙපාර්තමේන්තු 40 කට පළමු වසර තුළ වෙනස් අමාත්‍යවරුන් 3 දෙනකු බැගින් පත්වී ඇති අතර, තවත් දෙපාර්තමේන්තු 3ක් වෙනස් අමාත්‍යවරුන් 4 දෙනෙකු යටතට පත්කෙරිණි.
– රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමය: පළමු වසර තුළදී දෙපාර්තමේන්තු 91 ක අමාත්‍යවරුන් වෙනස් වී තිබේ.
අමාත්‍යාංශ විෂය පථයන් හි සිදුවූ විශාලතම වෙනස්කම්:
– රනිල් වික්‍රමසිංහ: 2022 ජූලි මාසයේදී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු, කර්මාන්ත අමාත්‍යවරයා යටතේ තිබූ දෙපාර්තමේන්තු 22 ක් රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් වෙත මාරුකිරීම විශාලතම වෙනස්කම ලෙස වාර්තා වේ.
– ගෝඨාභය රාජපක්ෂ: කැබිනට් මණ්ඩලය පිහිටුවීමෙන් පසු, ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතට දෙපාර්තමේන්තු 18 ක් මාරුකිරීම විශාලතම වෙනස්කම විය.
– අනුර කුමාර දිසානායක: නාගරික සංවර්ධන, ඉදි කිරීම් සහ නිවාස අමාත්‍යවරයා යටතේ තිබූ දෙපාර්තමේන්තු 19 ක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා යටතට මාරු කිරීම ප්‍රධානතම වෙනස්කම විය.
මහමැතිවරණයකින් හෝ පාර්ලිමේන්තුව මගින් (ජනාධිපති වික්‍රමසිංහ සඳහා) බලයට පත්වීමෙන් පසු ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගත් කාලපරිච්ඡේදයන් මෙහිදී සලකා බලා ඇත. ඒ අනුව 2020 අගෝස්තු – 2021 අගෝස්තු, 2022 ජූලි – 2023 ජූලි සහ 2024 නොවැම්බර් – 2025 නොවැම්බර් යන පළමු වසරවල දත්ත මෙලෙස විශ්ලේෂණයට ලක්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart