
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඟුලාන මුහුදු තීරයට ඔබ්බෙන් අගෝස්තු 15 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට ලක්වීමේ සිදුවීමෙන් පසුව, සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ආපදාවට ලක්වූ යාත්‍රාව ගොඩගැනීමේ කටයුතුද ආරම්භ කර තිබේ.
සාමාන්‍ය මුර සංචාරයකින් පසුව නැවත පැමිණෙමින් සිටියදී පෙ.ව. 11:40 ට පමණ මෙම යාත්‍රාව ආපදාවට ලක්වී ඇති අතර, එහි සිටි නාවික හමුදා නිලධාරීන් 11 දෙනකු බේරාගත් බව නාවික හමුදාව පැවසීය.
බේරාගත් පිරිස රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ සහාය ඇතිව නාවික හමුදාව අදාළ මුහුදු තීරයේ සෙවුම් මෙහෙයුම් ඉදිරියටම පවත්වාගෙන යයි.
නාවික හමුදා නිලධාරීන් බේරාගැනීමේ මෙහෙයුමේදී ප්‍රදේශයේ ධීවර ජනතාවගෙන් ලැබුණු සහයෝගය කැපීපෙනිණි.
ආපදාවට ලක්වූ නාවික හමුදා යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අද දිනයේ සිදු කිරීමට නියමිතය.
කෙසේවෙතත්, මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් මෙම මෙහෙයුම අභියෝගාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන අතර බලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart