
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ළාබාලතම කළුජාතික මහාචාර්යවරයා ලෙස 2023 වසරේදී පත්වීම් ලැබූ ප්‍රකට බ්‍රිතාන්‍ය සමාජ විද්‍යාඥ ජේසන් ආඩේ දකුණු ලන්ඩනයේ බැටර්සී හි පිහිටි නිවසක් තුළ මියගොස් සිටියදී ඉකුත් සිකුරාදා සොයාගෙන තිබේ.
මියයන විට 41 වැනි වියේ පසුවූ ඔහු, පසුගිය සතියේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සමාජ විද්‍යා මහාචාර්ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
ඔහුගේ අධ්‍යයන කටයුතුවලදී සිදුවූ බව කියන කෘති චෞරත්වය (plagiarism) පිළිබඳ චෝදනා සහ ඔහුගේ ක්‍රීඩා හා අරමුදල් රැස්කිරීමේ සාර්ථකත්වයන් පිළිබඳ නැගුණු ප්‍රශ්න හමුවේ දැඩි මාධ්‍ය පීඩනයකට ලක්වීමෙන් පසු ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්විය.
කෙසේවෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් සැකකටයුතු පසුබිමක් නොමැති අතර එය හදිසි අනපේක්ෂිත මරණයක් ලෙස සැලකෙන බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි.
ආඩේගේ පවුලේ අය ප්‍රකාශ කළේ, ඔහුව විනාශ කිරීමේ අරමුණින් වසර තුනක් පුරා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාරයන් සහ අපහාසාත්මක ප්‍රහාරයන් දරාගැනීමට නොහැකි වීම මෙම ඛේදනීය තත්ත්වයට හේතු වූ බවයි.
කෙසේවෙතත්, තමන් කෙරෙහි නැගුණු චෝදනා ප්‍රතික්ෂේප කළ ආඩේ සඳහන් කර තිබුණේ සිය ඉල්ලා අස්වීම චෝදනා පිළිගැනීමක් ලෙස නොසලකන ලෙසයි.
ඔහුගේ “Great and Unfortunate Things” නමැති ආත්ම කථන ග්‍රන්ථය නිකුත් වූ සතියේම මෙම මරණය සිදුවීම විශේෂත්වයකි.
කුඩා කල ඩිස්ලෙක්සියා, ඔටිසම් සහ වර්ධන ප්‍රමාදයන් හේතුවෙන් වයස අවුරුදු 11 දක්වා කතාකිරීමට නොහැකිව සහ යෞවන විය දක්වා ලියන්නට කියවන්නට නොහැකිව සිට පසුව අභියෝග ජයගත් පුද්ගලයකු ලෙස ආඩේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
ආඩේගේ මරණය සම්බන්ධයෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය දැඩි කණගාටුව පළ කර ඇති අතර, අධ්‍යයන ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් පෙන්වාදෙන්නේ මෙම චෝදනා කළුජාතික බුද්ධිමතුන් පහත හෙළීමට දියත් කළ මඩ ප්‍රචාරයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart