
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරේ පලෙයි ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිතයකට අයත් අක්කර 49ක භූමි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කරමින්, එහි රහසිගතව කොන්ක්‍රීට් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ‘අන්තර් මහද්වීප මානව හිමිකම් කොමිසම’ නම් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එහි විධායක අධ්යක්ෂ වෛද්‍ය සංගීත් ජයසේකර පෙන්වා දෙන්නේ, අදාළ භූමියේ දැනටමත් ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල කිසියම් පිරිසක් විසින් ජාතික ආරක්ෂාවට හානිකර නීතිවිරෝධී ක්‍රියාදාමයක් සඳහා යොදාගන්නේ ද යන්න පිළිබඳව සැකය මතුවන බවයි.
එමෙන්ම මෙම ගොඩනැගිලි සංකීර්ණයේ පහත මාලයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන බවට අඟවමින් පවතින අතර, අනෙක් පසින් රජයේ අවසර ලත් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස පෙන්වමින් අක්කර 39-45ක ප්‍රමාණයක කෝමාරිකා වගාවක් සිදුකරන බවට ද අනාවරණය වී ඇත.
ඩ්‍රෝන් කැමරා ඡායාරූප මගින් මෙම නීතිවිරෝධී ලෙස කම්බි ගසා අත්පත් කරගෙන ඇති භූමිය පැහැදිලිව දර්ශනය වන බව පවසන අන්තර් මහද්වීප මානව හිමිකම් කොමිසම, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart