
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල්නාඩු ප්‍රිමියර් ලීග් (TNPL) තරගයක් අතරතුර සිය පෙම්වතිය වෙත ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන් වසර දෙකක තරග තහනමකට මුහුණ දීමට සිටි 26 හැවිරිදි ක්‍රීඩකයෙකුට, ඉන් බේරීමට හැකිවී ඇති බව PTI පුවත් සේවය වාර්තා කරයි.
කෙසේවෙතත්, ක්‍රීඩකයන් සහ තරග නිලධාරීන් සිටින සීමාසහිත ප්‍රදේශයේ නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකය විසින්, මෙම වමතින් පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයාට ඉන්දීය රුපියල් 100,000 ක දඩයක් නියම කර ඇත.
තරගය පැවැත්වෙන අතරතුර මෙම ක්‍රීඩකයා ජංගම දුරකථනය භාවිත කරමින් සිය පෙම්වතිය සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බව තමිල්නාඩු ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කර තිබේ.
අදාළ ක්‍රීඩකයාට එරෙහිව තරග මුදලට පාවාදීමේ හෝ දූෂණ චෝදනා එල්ල වී නොමැති අතර, තරගයක් අතරතුර නිශ්චිත කලාපය තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් මෙය ආචාරධර්ම සහ නීති පද්ධතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ක්‍රියාමාර්ග ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් තමිල්නාඩු ක්‍රිකට් සංගමය විසින් අදාළ ක්‍රීඩකයාගේ නම මෙතෙක් හෙළිදරව් කර නොමැත.
කෙසේවෙතත්, ඔහු පසුගිය රංජි කුසලාන තරගාවලියේදී තමිල්නාඩු කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් රැස්කළ වම්හත් පිතිකරුවකු බව තහවුරු කර ඇත.
වාර්තාවලට අනුව, පාලක මණ්ඩලය මුලින් සලකා බලා ඇත්තේ ඔහුට වසර දෙකක තහනමක් පැනවීමටය.
එහෙත් වරදෙහි ස්වභාවය සහ දූෂණ චෝදනාවක් නොමැති බව සලකා බැලීමෙන් අනතුරුව, ඉන්දීය රුපියල් 100,000 ක දඩයකට පමණක් යටත් කර ඔහුට අවවාද කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart