August 13, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය.

ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම විසින් නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස කොමිසම හමුවට පැමිණ ඇත.