
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සකල සිරින් පිරි රාජධනියක ජාතික ගුවන් සේවයේ කැබින් අධීක්ෂක තනතුරු සඳහා උසස්වීම් ලබාදීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණයේ දූෂණ, පක්ෂග්‍රාහීකම් සහ ලිංගික අල්ලස් ජාලයක් පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට කරළියට පැමිණ තිබේ. වසර අටකට ආසන්න කාලයකට පසු ප්‍රකාශයට පත්කළ පුරප්පාඩු සංඛ්‍යාව මුලින් 20ක් ලෙස දැක්වුණ ද, පසුව කිසිදු විනිවිදභාවයකින් තොරව එම සංඛ්‍යාව 29 දක්වා ඉහළ දමා ඇත. මෙසේ එකවර උසස්වීම් සංඛ්‍යාව ඉහළ දැමීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානීන්ගේ සුරූපී පෙම්වතියන් සහ සමීපතම යෙහෙළියන් ලැයිස්තුවේ පහළ සිටීම බවට ආයතනය තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත.
මෙම උසස්වීම් ක්‍රියාවලියේදී ජ්‍යෙෂ්ඨතා ලකුණු ලබාදීමේදී ද විශාල මගඩියක් සිදුව ඇති බව වාර්තා වේ. මුලින් නිකුත් කළ ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව හදිසියේම අවලංගු කර, දින කිහිපයකින් සංශෝධිත ලැයිස්තුවක් නිකුත් කර ඇති අතර, එහිදී ඇතැම් ගුවන් සේවිකාවන්ගේ නම ලැයිස්තුවේ ස්ථාන 40කටත් වඩා ඉදිරියට පැමිණ තිබීම කැපීපෙනෙන සිදුවීමකි. මීට අමතරව, 10%ක ලකුණු ප්‍රමාණයක් හිමි සම්මුඛ පරීක්ෂණයේදී ද තමන්ට හිතවත් සේවිකාවන්ට ප්‍රශ්න පත්‍ර කලින්ම ලබාදෙමින් සහ අනියම් අල්ලස් මත වැඩි ලකුණු ලබාදෙමින් අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ.
ආයතනික නීතියට අනුව මාස 6කින් අවලංගු විය යුතු උසස්වීම් ලැයිස්තුව, තවත් මාස 6කින් දීර්ඝ කරමින් තෝරාගත් පිරිසට පමණක් අසාධාරණ ලෙස වරප්‍රසාද ලබා දීමට පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි දැනගන්නට තිබේ. එමෙන්ම මෙම උසස්වීම් ජාලය පිටුපස ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්, මානව සම්පත් අංශයේ ප්‍රධානීන් සහ වෘත්තීය සමිති නායකයන් අතර පැවැති රහසිගත ගනුදෙනු ද ප්‍රධාන හේතුවක් වී ඇතැයි පැවැසේ.
මේ හේතුවෙන් සාධාරණ ලෙස උසස්වීම් ලැබීමට සිටි සුදුසුකම් ලත් සේවක සේවිකාවන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම දූෂිත උසස්වීම් ලැයිස්තුව අත්හිටුවා, නැවුම් හා විනිවිදභාවයෙන් යුත් නව තේරීම් ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස පීඩාවට පත් සේවකයෝ ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart