
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර මාරු වූ සර්පයකු බේරාගැනීම සඳහා රියදුරෙකු හදිසියේ තිරිංග තද කිරීමත් සමඟ සිදුවූ රිය අනතුරකින් වාහන තුනකට හානි සිදුවී තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (11) පින්නදූව සහ කොක්මාදූව අන්තර් හුවමාරු අතර ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
කොක්මාදූව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක රියදුරු, මාර්ගය හරහා ගමන් කළ සර්පයෙකු දැක වාහනය නවත්වා ඇත.
එම අවස්ථාවේදී අදාළ මෝටර් රථයට පිටුපසින් මාතර සිට පිළියන්දල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී තිබේ.
අනතුරෙන් කැරකී ගිය මෝටර් රථය, කොළඹ දෙසට ධාවනය වූ තවත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටෙහි වැදී නතර වී ඇත.
අනතුරෙන් පළමු මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන් රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සිද්ධිය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart