
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, චෙම්මනි සමූහ මිනීවලෙන් පසුගිය දින දෙක ඇතුළත හිස්කබල් නොමැති මිනිස් ඇටසැකිලි දෙකක් සොයාගෙන ඇති අතර, අඟහරුවාදා (11) වන විට එම ස්ථානයෙන් හඳුනාගත් මුළු සිරුරු සංඛ්‍යාව 539 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ලෙස ලේඛනගත වූ මෙම සමූහ මිනීවලෙන් අලුතින් සොයාගන්නා ලද මිනිස් සිරුරු කොටස් 15 අතර මෙම ඇටසැකිලි දෙක ද වේ.
පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා පිරනාපන්ගේ මෙහෙයවීමෙන් සිදුවන කෑණීම්වලදී මෙතෙක් මිනිස් සිරුරු කොටස් 524 ක් ගොඩගෙන ඇත.
කළින් මායිම් කර තිබූ මිනීවළ පවතින භූමියට ඔබ්බෙන් සිදුකළ කෑණීම්වලදී ද ඇටසැකිලි දෙකක් සොයාගෙන ඇති අතර, එමගින් මෙම ස්ථානයේ ප්‍රමාණය මුලින් හඳුනාගත් ප්‍රදේශයට වඩා පුළුල් විය හැකි බවට සැක පහළ වේ.
වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් කෑණීම් නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ අඟහරුවාදා සිදුකළ කෑණීම් කටයුතුවලදී හඳුනාගත් පිරිස අතර බිළිඳන් පස්දෙනෙකුගේ සිරුරු කොටස් ද තිබූ බවයි.
චෙම්මනි සිට්ටුපත්ති සමූහ මිනීවලෙන් හමුවූ සිරුරු සංඛ්‍යාව 500 සීමාව පසුකර ගියේ කෑණීම් කටයුතුවල 100 වැනි දිනයේදීය.
අදාළ ස්ථානයේ විමර්ශන සහ කෑණීම් කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart