
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් ඊයේ ප්‍රකාශ කළේ, පවතින පානීය ජල සංචිතය ඉදිරි මාස දෙකට පමණක් ප්‍රමාණවත් බවයි.
පාරිභොගිකයින්ට පිරිසිදු නල මාර්ගයෙන් පානීය ජලය බෙදා හැරීමට බලපෑම් එල්ල වී ඇති බවත්, රට තුළ එල්නිනෝ තත්ත්වය ඇති වීමට පෙර පැවති ජල ප්‍රමාණයෙන්, දැන් ලබාගත හැක්කේ 10%ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඔහු පැවසීය.
පිරිසිදු පානීය ජලය ලබාදීම පිළිබඳ ඇති වූ ගැටලු හේතුවෙන් සහ දිනකට ලබා ගත හැකි ජලය ප්‍රමාණය 09%කින් අඩු වී ඇති බැවින් ජලය ප්‍රවේශමෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනාතාවගෙන් ඉල්ලා සිටී.
ජලය හිග ප්‍රදේශවලට ජලය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් තත්ත්වය පාලනය කිරීමට රජයේ පාර්ශවයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගෙන ඇති බව ඇමැති තොණ්ඩමන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඇමැතිවරයා පවසා ඇත්තේ, පානීය ජල හිගය පාලනය කිරීම සදහා විශාල වැව්වලින් කුඩා ජල මූලාශ්‍ර වෙත ජලය හරවා යවමින් පවතින බවත්, මේ වන විට දැඩිව ජල ගැටලුවට මුහුණදෙන ප්‍රදේශවලට බවුසර් හරහා පානීය ජලය සපයන බවත්ය.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තත්ත්වය සමනය වන තෙක් ජලය අපතේ නොහැර අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් භාවිත කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart