
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තඹුත්තේගම තැපැල් ස්ථානය බිඳ එහි සේප්පුවේ තිබූ රුපියල් එක්ලක්ෂ දාහතර දහසකට වැඩි මුදලක් සොරාගෙන ගොස් ඇතැයි තඹුත්තේගම පොලීසිය පවසයි.
තඹුත්තේගම තැපැල් ස්ථානය, තඹුත්තේගම පොලිස් ස්ථානයට මීටර 300 ක පමණ දුරින් පිහිටා ඇති අතර, තඹුත්තේගම පොලිස් ස්ථානය පෙනෙන මානයේ පිහිටි තැපැල් ස්ථානයට ඊයේ (17) රාත්‍රියේ ඇතුළු වූ සොරකු හෝ කණ්ඩයමක් මෙම සොරකම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පළකරයි.
ජනේලයක කූරූ කපා ඇතුලු වූ පුද්ගලයකු හෝ කණ්ඩායමක් විදුලි ග්‍රයින්ඩරයක් භාවිත කර සේප්පුව කපා මුදල් සොරා ගෙන ඇත.
මෙම සේප්පුව තුළ අත්‍යවශ්‍යය ලිපි ලේඛණ, දෛනික මුදල් හා මුද්දර තිබී ඇති අතර, රුපියල් එක්ලක්ෂ දාහතර දහසකට වැඩි මුදල් පමණක් සොරාගෙන ගොස් ඇති බවත්, එම සේප්පුවේ කවුලුවක තිබූ රුපියල් දස ලක්ෂ හැත්තෑපන්දහසක මුද්දර සොරාගෙන ගොස් නැති බවටද අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සේප්පුව ස්ථාන තුනකින් ඇතුලට අත දැමිය හැකි වන පරිදී කවුලු තුනක් කපා සේප්පුව තුළ වූ මුදල් සොරාගෙන ඇති බවද පොලීසිය පවසයි.
අද (16) උදෑසන 5.45 ට පමණ තැපැල් සේවා නිළධාරිනියක හා ලිපි බෙදාහැරීමේ නිළධාරින් දෙදෙනකු ලිපි තේරීමේ කටයුතු සඳහා තඹුත්තේගම තැපැල් කාර්යාලයට පැමිණ ඇති අතර, කාර්යාලය විවෘත කර රාජකාරී සිදුකරන අවස්ථාවේ කාර්යාලය තුළ යමෙක් පිළිස්සෙන ගඳක් (කර ගඳක්) දැනීම නිසා, ජනේලයක් විවෘත කිරීමට යෑමේදී, එහි ජනේලයක කූරූ කපා ඇති බව දැක ඇත.
ඒ පිළිබඳව වැඩි දුරටත් පරික්ෂා කිරීමේදී සේප්පුව පිහිටි කාමරයේ අගුලු කඩා ඇති බව දැක, මේ පිළිබඳව තඹුත්තේගම තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිවරිය දැනුම්වත් කර ඇත.
තැපැල් ස්ථානාධිපතිවරිය විසින් ඒ පිළිබඳව තඹුත්තේගම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් හා අනුරාධපුර දිස්ත්‍රික් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන්, ඇඟිලි සලකුණු පරීක්ෂණ නිළධාරීන් හා පොලිස් නිළ සුනඛ සැන්ඩි යොදාගෙන පොලිස් නිළ සුනඛ අංශය මගින් පරීක්ෂණ සිදුකරනු ලැබීය.
එම තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිවරිය කියා සිටියේ, ඊයේ (17) පස්වරු 03.00 පමණ මුද්දර අලෙවිය, විදුලි බිල්, ජල බිල් ආදී ගෙවීම් මගින් ලැබුණු මුදල් රුපියල් දස ලක්ෂ හතලිස් දහසක් බැංකු ගත කළ බවත්, පස්වරු 03.00 න් පසු ලැබුණු රුපියල් එක්ලක්ෂ දාහතර දහස් පන්සියයකට ආසන්න මුදලක් සේප්පුව තුළ තිබූ බවත්, රුපියල් දස ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වටිනා මුද්දර සේප්පුව තුළ තිබූ බවත්, මුද්දර සොරාගෙන නැති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart